මම ලිනක්ස් OS එකක් මගේ Primary OS එක විදියට භාවිතා කරන්න පටන් අරගෙන දැන් අවුරුදු තුනහමාරක් වගේ කාලයක් වෙනවා. මුලින්ම මම අත්හදාබැලුවේ Ubuntu කියන Linux පාදක මෙහෙයුම් පද්ධතිය.
අදටත් බොහොමයක් ජනප්‍රිය Linux පාදක මෙහෙයුම් පද්ධති අතර මුල් තැනක් ගන්න සමත් වුණ බොහොම ක්‍රමාණුකූලව සංවර්ධනය වෙන මෙහෙයුම් පද්ධතියක් තමා Ubuntu කියන්නෙ.
මම Ubuntu මෙහෙයුම් පද්ධතිය භාවිතා කළේ Windows 8 එක්ක Dual Boot ආකාරයට. ඒ කිව්වෙ එකම පරිගණකයක ස්‍ථාපනය කළ වෙනස් මෙහෙයුම් පද්ධති දෙකක් විදිහට. Ubuntu භාවිතා කරන්න පටන් ගත්‍ත මුල්ම කාලෙ ඉඳන් මට දැණුන වෙනස්කම් ටික මම මේ විදියට පෙළගස්වන්නම්.
*) Linux ගන්න පුළුවන් නොමිලේ!
Linux පාදක මෙහෙයුම් පද්ධති බොහොමයක් Free and Open Source විදියේ ඒවා. ඒ කිව්වේ නොමිලයේ ලබාදෙන, කේත සටහන මහජනයාට නිකුත් කරපු මෙහෙයුම් පද්ධති. Windows මෙහෙයුම් පද්ධති වල මිළ ගණන් මම පහතින් දාන්නම්. මොකද අපේ අය Windows මෙහෙයුම් පද්ධති වල මිළ දන්නෙ නෑ, ගොඩක් අය මේවා ගන්නෙ රුපියල් 100/-කට වගේ DVD එකක්. ඒත් ඒවා ව්‍යාජ, pirated copy කියලා වත් සමහර අය දන්නෑ.Windows Edition | Price $ | Price Rs. |
---|---|---|
Windows 10 Home | 119.99 | 18,969.79 |
Windows 10 Pro | 199.99 | 31,722.59 |
Windows 10 Pro for Workstations |
309.00 | 49,257.69 |
Source:- https://www.microsoft.com/en-us/store/b/windows (2018/07/12) |
1) කෙටි Boot Time එක.
Windows වලට වඩා ඉතාමත් ඉක්මනින් Ubuntu මෙහෙයුම් පද්ධතිය load වීම සිදු වුණා. සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තේ මම පාවිච්චි කළ Laptop එක 2nd gen i3 processor එකක් සහිත මඳක් පැරණි එකක් නිසා වෙන්න පුළුවන්. මොක්ද Linux පාදක මෙහෙයුම් පද්ධති බොහෝමයක් ඉතාමත් අඩු resources යටතේ දී බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා. මම හිතන විදියට ඒකම වෙන්න ඇති ඉක්මනින් ලෝඩ් වීමේ හේතුව.
2) අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී වැය වෙන අවම දත්ත ප්‍රමාණය.
මම Windows වල ඉඳන් Linux මෙහෙයුම් පද්ධතියක් වෙත යන්න මූලික වුණ හේතුවක් තමයි Windows මෙහෙයුම් පද්ධති වල තියෙන අධික Broadband Data භාවිතය. මම නොයෙකුත් පිළියම් අත්හදාබැලුවත් (Updates off කිරීම ආදිය) Windows වල දත්ත අධි බාවිතය නම් නවත්තගන්න වුණේම නැහැ. මොකද, ශ්‍රී ලාංකිකයන් විදියට අපි දත්ත මිළදීගන්න ISP ලා ඔක්කොම වගේ අපිට දත්ත ලබා දෙන්නේ අධික මිලකට. අපිට unlimited broadband packages වගේ පහසුකම් නෑ නෙ. ඉතින් දත්ත භාවිතය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙනවා.
Ubuntu වල මම දැක්ක හොඳම දේවලින් එකක් තමා උපරිම අඩු දත්ත ප්‍රමාණයක් භාවිතා කිරීම. Updates වුණත් අපිට් අවශ්‍ය වෙලාවටම පමණක් ලබාගන්න පුළුවන් විදියට තියෙන නිසා ඉතාමත් අරපිරිමැස්මෙන් දත්ත භාවිතා කරගන්න පුළුවන්.
3) පරිගණක Virus/ Malware වලින් ඇති බලපෑම අවම වීම.
මම Ubuntu භාවිතය ආරම්භ කරපු කාලෙ මම හදාරපු පාඨමාලාව නිසා මට නිතරම මගේ ලැප් එකට වෙන අයගේ Pen Drives, Portable Hard Drives වගේ උපාංග සම්බන්ධ කරන්න සිදුවුණා. ඉතින් අනිවාර්යයෙන්ම අධ්‍යාපන ආයතන වල පරිගණක විද්‍යාගාර වල virus කියන්නෙ හරිම සුලබ දෙයක්. Windows භාවිතා කරන අතරෙදි එහෙම තැනකින් යමක් මගේ Laptop එකට පිටපත් කරගන්නවා කියන්නෙ වෙනම adventure එකක් වගේ දෙයක් වුණා. මොකද බයෙන්ම තමා ඕනම storage device එකක් සම්බන්ධ කරන්න වුණේ. ඒ වගේම ඒ අධ්‍යාපන ආයතනයේ නෙට්වර්ක් එකට වුණත් සම්බන්ධ වීම Virus වලට එන්න දොර ඇරීමක් වගේ වුණා.
ඒත් ඒ සියළු උපද්‍රව Ubuntu එක්ක මඟහැරිලා ගියා. කොච්චර Virus සහිත Pen drive එකක් වුණත් කිසිම බයක් නැතුව මගේ Laptop එකට සම්බන්ධ කරලා, මට අවශ්‍ය ලිපිගොනු පිටපත් කරගෙන, ඒ අදාළ යාළුවාට කරන උපකාරයක් විදියට ඒ device එකේ පැළපදියම් වුණ virus ටික අයින් කරලා දෙන්නත් මට හැකි වුණා. Windows වෙනුවෙන් නිර්මාණය කරපු Virus එකක් Ubuntu වගේ Linux පාදක මෙහෙයුම් පද්ධතියකදී නිකන්ම File එකක් විතරයි. සාමාන්‍යයෙන් ඕනම file එකක් මකා දමන විදියට ඒ ලිපිගොණුව මකා දාන්න පුළුවන්.
ඒ වගේම ඔයාලා දන්නවත් ඇති සමහර වෛරස වලින් Storage Devices වල තියෙන Files ටික hide කිරීමක් කරනවා. එතකොට ඒ අදාළ device එකෙන් වයිරසය ඉවත් කළත් hide වුණ ලිපිගොනු ආපහු ලබා ගැනීමේ දුෂ්කරතාවක් එනවා. Windows මෙහෙයුම් පද්ධතියේදී ලබාදෙන Command Prompt වැඩසටහනෙන් මේ කියන දෝෂය හදාගන්න පුළුවන් වුණත් ඒක ටිකක් විතර අසීරු වැඩක්. ඒත් අර කලින් කිව්ව ආකාරයට නැති වුණ files මට Ubuntu භාවිතයෙන් බොහොම ලේසියෙන් ආපහු ලබාගන්න පුළුවන් වුණා. මොකද Windows වල නොපෙන්වන ගොණු Ubuntu වල හරි අපූරුවට බලාගන්න පුළුවන්.
ඒ අතරෙදිම මට නිදහසේ අන්තර්ජාලය පරිහරණය කරන්නත් හැකියාව ලැබුණා. මොකද Windows OS එකක ඉඳන් අන්තර්ජාලයට පිවිසෙන හැම විටකම මගේ හිත යට තිබුණ දෙයක් තමා පරිගණක වෛරස බිය. ඉතින් මට ඉතාමත් පරීක්ෂාකාරීව වෙබ් පිටු පරිහරණය කරන්න වුණා, මොකද කොයි වෙලාවක මොන ගිණිගෙඩියක් කඩා වැටෙයිද කියලා නොදන්න නිසා.
4) අවම සම්පත් භාවිතය.
මුලින්ම බලමු මොනාද මේ සම්පත් කියන්නෙ කියලා. සම්පත් කියන්නේ මෙතනදි පරිගණකයක හෝ Laptop එකක තියෙන processor එක, RAM එක ආදී උපාංගයි. Windows වගේ මෙහෙයුම් පද්ධතියක තියෙන සංකිර්ණ බව නිසා සහ Graphical User Interface එකේ තියෙන විවිධාකාර effects නිසා අධිකව resources එහෙමත් නැත්නම් සම්පත් භාවිතයක් සිදුකරනවා. මේක ගොඩක් ම දැනෙන්නෙ ඔයා භාවිතා කරන උපාංගය ටිකක් පරණ එකක් නම් තමයි. මේ සම්පත් භාවිතයේ වැඩි කම නිසා අදාළ device එක අධිකව රත් වීම, මන්දගාමී වීම, Hard drive එක අධිකව භාවිතය නිසා hard disk එකේ ආයුකාලය අඩු වීම, Laptop එකක නම් ඉක්මනින් බැටරිය විසර්ජනය වීම (බැටරිය බැසීම) ආදී දේවල් සිදු වෙනවා.
ඒත් ස්වභාවයෙන්ම අඩුවෙන් Resources භාවිතා වෙන Linux මෙහෙයුම් පද්ධති වල මේ කියන දෝෂ ගොඩක්ම අවම මට්ටමක තියෙනවා. (Linux පාදක සමහර මෙහෙයුම් පද්ධති සංකීර්ණ අතුරු මුහුණත් සහිතව, වැඩි සම්පත් භාවිතා කරනවා. ඒ ගැන අපි වෙනම මාතෘකාවක් යටතේ සාකච්ඡා කරමු.)
Windows වල ඉඳන් Linux පාදක මෙහෙයුම් පද්ධතියකට ගිය මුල්ම කාලෙදි මට ඉතාමත් තදින්ම හිතට කාවැදුණු දෙයක් තමයි මගේ Laptop එක Ubuntu වලින් ක්‍රියාත්මක වන විට Laptop battery එක බොහෝ කාලයක් බැස නොයා තිබීමයි. ඒ වගේම Hard Drive එකේ ක්‍රියාකාරිත්වය පෙන්වන බල්බය Windows වලදී මෙන් නැතිව ඉතා මඳ වශයෙන් දැල්වීම. ඒ වගේම Windows සමඟ laptop එක භාවිතයට වඩා Ubuntu සමඟ laptop එක භාවිතා කිරීමේදී laptop එක රත් වන ප්‍රමාණය අඩු වීම.
5) මෘදුකාංග නොමිලේ ලබාගත හැකි වීම.
Windows භාවිතා කරන අපි වැඩි දෙනෙක් Windows මෙහෙයුම් පද්ධතියේ ඉඳන්ම සහ අනෙක් මෘදුකාංග බොහොමයක් හොරට පාවිච්චි කරන ඒවා. එහෙමත් නැත්නම් cracked softwares. ඕකට කියන තවත් වචනයක් තමා pirated software කියන එක. එච්චර ඕන නෑ, අපේ අය පරිගණජයේ ආරක්ෂාවට භාවිතා කරන Anti Virus එක පවා pirated ඒවා.
Pirated Software භාවිතා කරන හැම වෙලාවකම වගේ ඔබ ලොකු අවධානමකට මුහුණ දෙනවා. මොකද ඔය software කවුරුන් හෝ කෙනෙක් original මෘදුකාංගයේ කේත, ගොණු වෙනස් කරලා හදපු එකක්. ඒ කෙනාට පුළුවන් ඕන නම් ඒ software එකත් එක්ක ඔයාගෙ පරිගණකයේ තියෙන දත්ත ලබාගන්න, දත්ත විකෘති කරන්න, botnet එකක් වගේ ජාලයක් හදාගන්න ඔයාගෙ පරිගණකය ගොදුරක් කරගන්න වගේ දේවල් වලට වුණත් භාවිතා කරන්න. ඔයාගේ Windows පිටපත original එකක් වුණත්, ඔයා ඒකට දාන් ඉන්නේ crack කරපු software නම්, ඔබත් ඉබේම අර අවධානමට මුහුණ දෙනවා.
නමුත් Linux පාදක මෙහෙයුම් පද්ධති වලට ලබාදෙන බොහොමයක් මෘදුකාංග ලබා දෙන්නේ නොමිලයේ නිසා අර වගේ අවධානමක් නැහැ. අනිත් දේ, සමහරු කියන්නවා එහෙම නොමිලේ ලබාදෙන මෘදුකාංග වලත් මොනා හරි malicious codes, එහෙමත් නැත්නම් සැඟවුණු වෛරස වගේ දේවල් එන්න පුළුවන් කියලා. ඒත් cracked software එකක් භාවිතා කරනවට වඩා Free and Open Source මෘදුකාංගයක් භාවිතා කිරිමේ අවධානම අවමයි. මොකද මේ ගොඩක් Linux මෙහෙයුම් පද්ධති වලට නොමිලේ දෙන මෘදුකාංග වල කේත සටහන නිදහස් කරලා තියෙන නිසා, අර කියන විදියේ සැඟවූ කේත තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම අහු වෙන්න ඕන, මොකද ඒ නිදහස් කේත සටහන් ලෝකය පුරා ඉන්න developers ලා විසින් නිරීක්ෂණය වෙන නිසා.
***
හොඳයි එහෙනම්, ලිපිය අවසන් කරන්නයි හදන්නෙ. මෙතන මම සටහන් කළේ මම Linux පාදක මෙහෙයුම් පද්ධතියකට මාරු වුණාට පස්සේ දැණුන දේවල් ටික. මේවා කොහෙන්වත් කොපි කරගත්ත දේවල් නම් නෙවෙයි. මෙතන මම පෙන්නුවේ Linux Based OS වල තියෙන හොඳ ගුණාංග නේ. ඒ වගේම හැම දේකම ගුණ සහ අගුණ තියෙනවා නෙ. ඊළඟ ලිපියෙන් මම අරගෙන එන්නම්, මට දැණුනු, Linux මෙහෙයුම් පද්ධති වල තියෙන අඩුපාඩු සහ අවුල් සහගත තැන් ටික.
එසේනම්, නැවත හමු වන තුරු, ඔබට ජය!
0 Comments