කතා ගැන කතාව... (Stories)



Facebook Stories, Instagram Stories සහ WhatsApp Status කියන්නෙ මොනාද?

මොනාද කියලා ඔයාලා දන්නවනෙ. ඒවා සාමාන්‍ය පෝස්ට් වගේ තමයි, ෆොටෝ එකක් හෝ කෙටි ඡේදයක් පෝස්ට් කරන්න පුළුවන්, ඒවා Slideshow ආකාරයට තමා පෙන්නන්නේ, ඒවා පැය 24 කින් Expire වෙලා නැති වෙලා, අතුරුදන් වෙලා යනවා.

Stories කියන Concept එක මුලින්ම ආවෙ මම දන්න විදියට Snapchat එක්ක. ඒ 2013 දි. ඊළඟට ඒක ආවෙ Instagram වල, ඒ 2016 අගෝස්තු.
2017 පෙබරවාරි මාසෙ ඒක එනවා Whatsapp වලට. ඒ Stories කියන නමින් නෙවේ. Status කියන නමින්. නමුත් එකම Concept එක. ඊළඟට Stories එන්නෙ Facebook වල ඒ 2017 දී, මාර්තු වල.
(දින වකවානු වල වරදක් ඇතොත් මාව නිවැරැදි කරන්න.)
මම අන්තිමට කිව්ව Social Media Services තුන, Facebook, Instagram සහ WhatsApp වල අයිතිය තියෙන්නෙ Mark Zuckerberg කියන යුදෙව් ජාතිකයාටයි. එයා ගැන හැමෝම දන්නවනෙ.
Mark Zuckerberg ගේ Net Worth එක, නැත්නම් ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 76.7ක්. 
ඔව් පුදුම වෙන්න, මොකද... Tesla Electric Car හදන, Space X අභ්‍යවකාශ වැඩසටහනේ CEO වුන, Boring Company එකේ අයිතිකරු වුණ, Neuralink සමාගමේ සම අයිතිකරු වුණ සහ තවත් බොහෝ වත්කම් ඇති Elon Musk ගේ දළ වටිනාකම වෙන්නෙ ඩොලර් බිලියන 19.7 පමණයි.

මේ දවස් වල Mark Zuckerberg අයියා ඉන්නෙ ටිකක් අවුලෙන්, මොකද එයාට අයිති Facebook සමාජ ජාල අඩවිය හරහා ඒක පාවිච්චි කරන පුද්ගලයන්ගේ (අපේ) පෞද්ගලික දත්ත සොරාගත්තා කියලා එයාට චෝදනාවක් එල්ල වෙලා. ඒ ගැන විස්තර මම කියන්නෑ මොකද දැනගන්න උවමනාව තියෙන එකා මේ වෙද්දි ඒක දැනන් ඉන්න ඕන


Stories වලින් පටන්ගත්ත කතාව වෙන අතකට ගියා. කොහොම හරි, දැන් කොල්ලයි, කෙල්ලයි බල්ලයි ඔක්කොම අම්බානක Stories එහෙමත් නැත්නම් Status දානවනෙ. සමහර උන් දවසකට 100ත් පන්නලා දානවනෙ. ඉතින් ඔය දාන එව්වා ගැන ටිකක් දැනගන්නයි ඔය කිව්වෙ. අමතර කරුණු ටිකත් දැනගන්න. සාමාන්‍ය දැනීම.

Post a Comment

0 Comments