Smartphones සහ අළුත් පරම්පරාව



Smartphone එකක් පාවිච්චි කරන එක ලොකු අවුලක් වෙයි කියලා තමයි ඉස්සර කතා වුණෙ, මොකද ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නෙ වැඩියෙම සාමාන්‍ය ජනතාව. Smartphone ආව මුල්ම කාලේ මට මතකයි "පරිගනක" සඟරාවේ ලිපියක් ගියා ඒ කාලෙ ගොඩක් අය Smartphone එකක් අරන් ඒකෙ වැඩ ටික අල්ලගන්න බැරුව අතෑරලා දාලා පරණ සාමාන්‍ය සෙලියුලර් දුරකථනයකට යනවා කියලා.

එහෙම යන එක වළක්වන්න Apple සමාගම බොහොමයක් ඇඩ්වාන්ස් ෆීචර්ස් නැති කරලා දාලා Dumb iOS එක හැදුවෙ. 😂 Dumb කිව්වම තරහ ගන්න එපා, අපි හැමෝම පරිගනක ක්ෂේත්‍රයේ යමක් කමක් අල්ලගන්න පුළුවන් අය වෙන්නෑ නෙ. එහෙම අයට iOS කියන්න පට්ටම Dumb OS එකක් ඉතින්. ඒ නිසයි Jailbreak කියන වචනය පවා හැදුණෙ. iOS දැම්ම Apple එකක් පාවිච්චි කරන එක Tech Geek කෙනෙක් ට ඇත්තටම නිකන් හිරේ විලංගුවෙ වැටුණා වගේ තමා. ඒක හරියට Admin ලොග් නොවී Guest account එකෙන් කම්පියුටර් එකට ලොග් වුණා වගේ.

මම කියන්න ගියෙ ඒක නෙවේ, Android කියන්නෙ සංකීර්ණ මෙහෙයුම් පද්ධතියක් කියන එක. ඒකෙ වැඩ ටිකෙන් ගොඩක්ම ලොක් කරලා දාලා තිබුණත්, කඩෙන් අරන් සාමාන්‍ය විදියට ඒක පාවිච්චි කරන User කෙනෙක්ට වුණත් ටිකක් සංකීර්ණ දේවල් කරන්න පුළුවන් වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ආව මුල්ම කාලෙ මට හිතුණා ලංකාවෙ කවදාවත් Android ජනප්‍රිය වෙන එකක් නෑ කියලා. ඒකට හේතුව සංකීර්ණ බව.

ඒක සම්පූර්ණයෙන් බොරු කරමින් Android ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙම ජනප්‍රිය වුණා. අපේ ගොඩක් අය අර සංකීර්ණ බව නිසා Android සඳහා වෙන් වුණ Group, Forums අනන් මනන් හදාගත්තා. යමක් කමක් දන්න Android පාවිච්චි කරන Tech Geek ලා අර වැඩිය මේ ෆීල්ඩ් එක ගැන නොදන්න අය ඇදන් යන්න ගත්තා. කොහොම හරි හැමෝම මොකක් හරි අවුලක් ආව ගමන් දන්න එකෙක් ගෙන් අහගෙන හරි ලෙඩේ ගොඩ දාගන්න තත්වෙට ආවා.

ඔය ෆෝන් එකේ වැඩ කෑලි ගැන දැනගන්න තියෙන උවමනාව ඇයි අපේ ජනතාවට වෙන දෙයක් ඉගෙනගන්න නැත්තෙ? ෆෝන් එකක වුණ අවුලක් හදාගන්න ඒක ගෲප් එකක දාන එකා, අනුකලනය කියන්නෙ මොකක්ද, ඒක කරන්නෙ කොහොමද කියලා හරි, මෙන්න මේ ගාණ මොකක්ද ඒක හදාහන්න බෑ කියලා හරි ෆේස්බුක් නොදාන්නෙ ඇයි? බොහොම ස්වල්ප දෙනෙක් විතරයි එහෙම කරන්නෙ. ෆෝන් වල අවුල් විතරක් නෙවේ, ඉස්කෝලෙ යන වයසෙ ඉන්න ළමයි, අධ්‍යාපනය හදාරණ ළමයි වගේ අය ඔය Android ගැටළු නිරාකරණය කරගන්න Group හැදුවා වගේ, සංයුක්ත ගණිතය ගැටළු නිරාකරණය, රසායන විද්‍යාව ගැටළු වගේ ගෲප් හදාගෙන, ඒවා සක්‍රීයව පවත්වාගෙන යන්න!

Post a Comment

0 Comments