Scratch - Virtual Programming Language



ඔන්න  ටිකක් ලස්සන කතාවක් අද අරගෙන ආවෙ. මේක ලියන්න කියලා මගේ පරණ යාළුවෙක් ඉල්ලීමක් කළා ඉතින් මෙන්න ඒකට ප්‍රතිචාර. මට Scratch කියන්නෙ මොකක්ද සහ ඒකෙන් වෙන්නෙ මොකක්ද කියලා මෙතන පැහැදිලි කරන්න පුළුවන්, ඒත් කාටහරි ඕන නම් Scratch භාවිතා කරලා Project එකක් කරන්න ඉගෙනගන්න
Youtube එකේ Tutorials තියෙනවා බලන්න නැත්නම්, මට මැසේජ් එකක් දාන්න මම ගෙදරට ඇවිල්ලා ටියුෂන් එකක් දාන්නම්. (හම්බෝ බෑ විහිළුවක් කරේ ) එහෙනම් විකාර නවත්තලා මාතෘකාවට යමු. ඔන්න එහෙනම් පට්ටා....න් ගත්තා

Scratch කියන්නෙ මොකක්ද කියලා ඇහුවොත් දෙන්න පුළුවන් සෘජු පිළිතුර තමයි, ඒක Virtual Programming Language එකක් කියන එක.(අපි ඒකට VPL එකක් කියමු) එතකොට මොකක්ද මේ VPL කියන්නෙ? ඊට කලින් දැනගන්න වෙනවා Programming Language එකක් කියන්නෙ මොකක්ද කියලා. ඒ ගැන විස්තර කිරීම වෙනම කරන්න ඕන දෙයක් නිසා, මම කෙටියෙන් කියන්නම් ඒක පරිඝණකයකට තේරෙන භාෂාවක් කියලා. ඒවා මනුෂ්‍ය භාෂාවන් වලට වඩා වෙනස්, අපි ඉංග්‍රීසි වල Grammar ඉගෙනගන්නවා වගේ Programming Language නැත්නම් ක්‍රමලේඛ භාෂාවක ඉගෙනගන්න ඕන නීති රීති තියෙනවා, මේ භාෂාවක් ඉගෙනගන්න එක ඇත්තටම සංකීර්ණ වැඩක්. ඔන්න ඔය සංකීර්ණ භාෂාවන්ගෙන් වෙන දේ Virtually (දෘශ්‍යමානව) පෙන්වන එකකට බොහොම සරලව කියන්න පුළුවන් VPL එකක් කියලා. (මේක අර්ථදැක්වීමක් විදියට නම් ගන්න එපා ඈ, මම මේක තේරුම් කරවන්නයි මෙහෙම කිව්වෙ)

අපේ මාතෘකාව, Scratch කියන්නෙ මෙන්න මේ වගේ VPL එකක්. මේ VPL එක භාවිතා කරන්න නම් ඔයාට මුලින්ම [ https://scratch.mit.edu ] මෙන්න මේ අඩවියට ගිහින් නොමිලේ Account එකක් විවෘත කරගන්න අවශ්‍යයි. ඊට පස්සෙ, එයාලා ඔයාට ලබාදෙන Web Application එක භාවිතයෙන් ඔයාට Scratch භාවිතයෙන් ගොඩක් ලස්සන දේවල් කරන්න පුළුවන්. ඒ මොනාද කියලා මම කියන්නම් ඉස්සරහට. අනික් කාරණාව, මේක පරිඝණකයට බාගත කරගෙන (Download කරගෙන) කරන්න පුළුවන් ලු, ඒත් මම නම් මේක පාවිච්චි කළේ Web Application එකක් විදියට, ඒ කියන්නෙ Web Browser එකක් හරහා ක්‍රියාත්මක වෙන Web Page එකක අන්තර්ගත කළ වැඩසටහනක් විදියට. මේ Web Application එක Run කරන්න Adobe Flash ස්ථාපනය කරගැනීමත් අවශ්‍යයි.

Programming කියන්නෙ බරපතළ Concept එකක් වුණාට මේ Scratch VPL එක භාවිතයෙන් සාමාන්‍යයෙන් අවුරුදු 8ක වගේ දරුවෙකුට වුණත් පහසුවෙන් Programming Concepts ඔළුවට දාන්න පුළුවන්. මොකද මේකෙ භාවිතා වෙන්නෙ කාටූන් රූප, Jigsaw Puzzle එකක තියෙන කෑලි වගේ ලස්සන, ළමා සිතට කාවදින දේවල්. ළමා මනසේ නිර්මාණශීලිත්වය වර්ධනයට, තර්ක කිරීමේ හැකියාව, ගණිතමය සංකල්ප වර්ධනයට පවා මේ VPL එක යොදාගන්න පුළුවන්. මේක භාවිතයෙන් කුඩා ඇනිමේෂන්, කුඩා පරිඝණක ක්‍රීඩා වගේ දේවල් හදන්නත් අනික් අය එක්ක බෙදා හදා ගන්නත් පහසුකම් සපයලා තියෙනවා.

කවුරු හරි මුලින්ම මේ අඩවියට ගිහින් Scratch භාවිතයෙන් Project එකක් කරන්න ගියාම මුලින්ම ඔයාට මුණගැහෙන්නෙ පූසෙක් 😂 ඔන්න ඔය පූසා භාවිතයෙන් ඔයාලට Scratch වල මූලික කරුණු ටික අල්ලගන්න පුළුවන් වෙයි. ඔය හොර පූසව එහාට මෙහාට යවන්න, ඌට කියලා ඤාව් කියවන්න, ඌට කියලා ඔයාගෙ නම කියවගන්න, නටවන්න වගේ ආතල් වැඩ ටිකක් කරන්න පුළුවන්. ඒ මූලිකම දේවල් ටිකක් විතරයි. මම මේ කිව්වෙ ඔයාලට මේක ගැන යම් අදහසක් ඇති කරවන්නයි. ඔයාලට Scratch වෙබ් අඩවියට ගියාම බලාගන්න පුළුවන් මේ VPL එක භාවිතයෙන් කරලා තියෙන මාරම ලස්සන Projects ගොඩක්. ඒවා බලලා බය වෙන්න එපා, බය නෙවේ වෙන්න ඕනි ආසා වෙන්නයි.

බොහෝ රටවල් වල පාසල් වල Scratch VPL එක, ළමයින්ගේ Coding, පරිඝණක තාක්ෂණය පිළිබඳ දැණුම වර්ධනය කරන්න යොදාගන්නවා. මම කලින් සඳහන් කරපු වෙබ් අඩවියේ 2017 වෙන කොට මිලියන 22 කට වඩා දෙනෙක් ගිණුම් විවෘත කරලා, මිලියන 26කටත් වඩා Scratch භාවිතයෙන් හැදුව දේවල් බෙදාහදාගෙන තියෙනවා. ඉතින් මේක හොඳ දෙයක් බව ආයෙ කියන්න ඕන නැහැ නෙ.

එහෙනම් ඉතින් මේ ඇති නේද? Scratch කියන්නෙ මොකක්ද කියලා යම් අවබෝධයක් එන්න ඇති. ඒ වගේම Programming Language එකක් කියන්නෙ මොකක්ද, Web Application එකක් කියන්නෙ මොකක්ද කියලත් බොහොම දළ වශයෙන් ඉගෙනගත්තා නේ? (නැද්ද   හා) එහෙනම් ඔන්න බායි ගිහින් එන්නම්.

Post a Comment

0 Comments