විකල්ප Browsers



ICT ප්‍රශ්ණයක් අහන්නද? Desktop Internet Browsers හැකිතාක් නම් කරන්න කිව්වොත් මොනාද කියන්නෙ?

1) Internet Explorer (දැන් Microsoft සමාගම promote කරන්නෙ Edge Browser එක හොඳේ.)
2) Google Chrome
3) Mozilla Firefox
4) Opera


ඊළඟට මතක් වෙන්න ගන්නෙ Mobile Browsers නෙ, UC Browser, Dolphin, etc මෙතනදි කතා කරන්නෙ Desktop Browsers නිසා ඒවා අමතක කරන්න.

හොඳයි එහෙනම්, තවත් බ්‍රවුසර්ස් වල නම් මතක් වෙන්නෙ හරි හිමින් නිසා කියන්න ආව කතාව කියන්නම්,

Google Chrome වල Open-source Project එක විදියට තමයි Chromium කියන නාමය හඳුන්වන්නෙ. (Open-source කියන්නෙ බොහොම කෙටියෙන් කිව්වොත් ඒ Software එකේ කේත සටහන මහජනයාට නිදහස් කළ එකක් කියන එක.) ඉතින් ඔන්න ඔය Chromium Project එක සහ කොහොමත් Open-source විදියට යන Firefox Browser එක නිසා, ඔය Browsers දෙකේ කේතය පාදක කරගෙන නානාප්‍රකාර Browsers බර රොත්තක් එළියට ආවා. තියෙන අවුල තමා අපි ඒවා ගැන දන්නැති වීම.

අර කලින් කිව්ව විදියට එළියට ආව බ්‍රවුසර්ස් රොත්තෙන්, තවමත් Maintain වෙන බ්‍රවුසර්ස් ටිකක් කියලා යන්නයි මේ හදන්නෙ. දැන් කට්ටිය බලයි මම පාවිච්චි කරන බ්‍රවුසර් එක තියෙද්දි මට මොකටද තව එව්වා කියලා. එහෙම හිතුව අය දැන් යන්න, බායි. මට නම් බ්‍රවුසර්ස් අඩුම ගාණෙ 5 ක්, 6 ක් වත් ඕන. ඒ, මට එකම සයිට් එකේ අකවුන්ට් බර ලොට් එකක් තියෙන නිසා. ලොගවුට් වෙවී ලොගින් වෙන්න ගියාම පට්ට කම්මැලී නෙ. උදාහරණයක් විදියට මට ඕපන්ලෝඩ් අකවුන්ට් 6 ක් තියෙනව






හොඳයි එහෙනම් ඔන්න කතාව නැවැත්තුවා, මෙන්න බ්‍රවුසර්ස් ටික. මේවගෙ මුලින් බුලට් එක්ක දාලා තියෙන්නෙ අවුලක් නැතුවම Officially Linux Supported ඒවා. අනික් ඒවට බුලට් නෑ   ඒවට අංක..

ඒවා Windows වලට සපෝටඩ්. මම ඉතින් අහිංසක Linux User නිසා අර ටික මුලින්ම ලියාගත්තා


  • Vivaldi - Chromium Based
  • Yandex Browser - Chromium Based
  • Slimjet - Chromium Based
  • Brave Browser - Chromium Based
  • SRWare Iron - Chromium Based
  • Midori - You tell me!
  • Pale Moon - Firefox Based
  1. Cent Browser - Chromium Based
  2. UC Browser - Chromium Based
  3. Epic Browser - Chromium Based
  4. Comodo Dragon Browser - Chromium Based
  5. Comodo IceDragon Browser - Firefox Based
  6. Torch Browser - Chromium Based
  7. Maxthon - WWW says it's based on Internet Explorer! Damn!!

මේක කියවපු ජනතාවට දැන් පේනවා ඇති මේ බහුතරයක් පාදක කරගෙන තියෙන්නෙ Google Chrome ලගෙ Chromium Project එක කියලා. (එහෙමයි කියලා Firefox වලට අනං මනං කියනවා එහෙම නෙවෙයි )

කියන්නම ඕන කාරණාව තමයි ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක වෙන්නේ Chrome, ඒ වගේම Firefox එන්න එන්නම Market Share එක නැති කරගනිමින් ඉන්නේ. (දුකයි ) ඒ වගේම Firefox පාවිච්චි කරන අය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන අතරෙ Chrome සහ Edge භාවිතයේ පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් කරනවා. (References : https://www.statista.com/…/market-share-of-internet-browse…/ https://netmarketshare.com/browser-market-share.aspx )

 බ්‍රවුසර් කතන්දරේ ඔච්චරයි, මේ කරුණු වල වැරදි තිබේනම් වහා පෙන්නුම් කළ මැනව. කමෙන්ට් කළ මැනව. ආතල් එකේ Facebook ඉන්න ගමන් මොන මොනා හරි ටිකක් ඉගෙනගන්න ඇති කියලා හිතනවා. බායි...

Post a Comment

0 Comments