Android වැඩකාරයෙක් වීමි.



2020 වසරේ අප්‍රේල් 18 වැනිදා සිට අලුත්ම කර්තව්‍යයකට ආරාධනා ලැබුණි. ඒ තිමිර මධුසංඛ මහතාගේ Android වැඩකාරයෝ වෙබ් අඩවිය සමඟ එහි කතු වරයෙක් ලෙස එක්වීමේ ආරාධනයයි. ලිවීමේ ආසාව නිතැතින්ම සිතේ ඇති මා හට මෙය ස්වර්ණමය අවස්ථාවක් විය.

ඇලෙක්සා අඩවියට අනුව ලංකාවේ ඉදිරිපෙළ තිබෙනා අඩවියක කතු වරයෙක් වීමට ලැබීම මම මහත් භාග්‍යක් සේ සලකමි.

Android වැඩකාරයෝ යනු Android සම්බන්ධ කරුණු සඳහා සඳහා සීමා වූ අඩවියක් නොවේ. එය පොදු තාක්ෂණික ප්‍රවෘත්ති, පාඩම් මාලා, දැණුවත් කිරීම් ආදී බොහෝ දෑ වලින් සමන්විත සහ විවිධ තාක්ෂණික ක්ෂෙත්‍රයන්හි නිපුණ කතු වරුන්ගේ ලිපි සහිත අඩවියකි. ඇතැම් පාඨකයන් පවසන ආකාරයට, එය විජය ප්‍රවෘත්තිපත්‍ර සමාඟමේ පරිගණක සඟරාව හා සමාන ය. 

එබැවින් මාගේ මෙම බ්ලොග් අඩවියේ තාක්ෂණික කරුණු ලිවීම මම නවතා ඒවා Android වැඩකාරයෝ වෙත ගෙන යමි. මෙහි දැනට ඇති ලිපි එසේම තබමි. යම් අයෙක් හට මාගේ තාක්ෂණය හා සම්බන්ධ ලිපි කියැවීමේ ආශාවක් ඇත්නම් පහත සබැඳියෙන් Android වැඩකාරයෝ වෙත පිවිසෙනු මැනවි.


මින් පසු මෙය හුදෙක් මාගේ පෞද්ගලික අදහස් ලියා තබන සාමාන්‍ය තාලයේ පෞද්ගලික බ්ලොග් අවකාශයක් බවට පරිවර්තනය වනු ඇත. මෙහි පැමිණි ඔබට මාගේ හෘදයාංගම ස්තුතිය!

Post a Comment

0 Comments