බොහොම කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුවා. කාලයක් තිස්සේ ගොඩක් අය ඉල්ලපු දෙයක් තමයි මේ Deep Web/ Dark Web ගැන ටිකක් කියලා දෙන්න කියන එක. නමුත් ඒක කරන්න අමාරු වෙලා තියෙන්නේ මේ Dark Web යනුවෙන් හැඳින්වෙන ජාල වල තියෙන නීති විරෝධී දේවල් නිසා. ඒ කොහොම වෙතත් මම තීරණය කළා මේ ජාල වල තියෙන ගුණ අගුණ ගැන කියලා දීලා නීති විරෝධී දේවල් වලට පටලැවෙන්නේ නැතුව, නිවැරැදි විදියට මේ ජාල පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. මොකද මඟපෙන්වීමක් නැතුව ඔයාලා මේ ජාල වලට ඇතුළු වුණොත් කොහෙ නවතීද කියලා ඔයා වත් නොදන්න නිසා. ඒ නිසා, මතක තියාගන්න, මම මේ කියලා දෙන්නේ නීති විරෝධී දේවල් කරන විදිය නෙවෙයි, නීති විරෝධී දේවලින් වැළකෙන විදියයි.
මේ ලෝක විසිරි වියමනේ නොහොත් World Wide Web (WWW) එකේ ප්‍රධාන කොටස් තුන ගැන පැහැදිලි කරන්න මම පාවිච්චි කරන්නම් මුහුදක ආකෘතියක්. ඔන්න බලාගන්න.
දැන් අපි මේ කොටස් පැහැදිලි කරගමු.
මේ කොටසට අදාළ වෙනවා රජයේ වෙබ් අඩවි, (ලංකාව government සයිට් ගැන නම් හිතන්න එපා පිස්සු හැදෙයි :v ) විවිධ විද්‍යාත්මක පර්යේෂණ දත්ත අඩංගු අඩවි, විවිධ රහසිගත වාර්තා ආදිය දක්වන්න පුළුවන්. හැබැයි නිවැරැදි Login details යොදාගෙන මේ අඩවි වල තොරතුරු සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් එකකින් බොහෝ විට ලබාගන්න පුළුවන්. දැන් අපේ අර සමුද්‍ර ආකෘතියට අනුව අපි දැන් ඉන්නෙ ටිකක් ගැඹුරේ. අපි යමු තව ගැඹුරට.
Dark Web එක අස්සේ විවිධ ජාල ගොඩක් තියෙනවා. මේවගෙන් ප්‍රසිද්ධ වුණ ජාල කීපයක් මම පහතින් දාන්නම්. මේවායින් කරන්න පුළුවන් බොහෝ දේ නීති විරෝධී දේවල් තමයි. ඒත් අපි ඒ දේවල් බැහැර කරලා හරි දේවල් කරන්න තමයි මෙහෙම මේ කතාව ගැන ඉගෙනගන්නේ.
අපි බලමු මේ Dark Web ජාල මොනවද කියලා.
මම ඉහත කිව්ව ජාල තුනෙන්, වැඩි දෙනෙක් භාවිතා කරන සහ ප්‍රසිද්ධ ජාලය වෙන්නේ Tor ජාලය නොහොත් Tor Network එක. ගොඩක් අය Dark Web කියලා කියන්නෙත් මේ Tor ජාලයට. ඒත් ඔයාලා මතක තියාගන්න Tor Network එක කියන්නේ Dark Web එකටම අයිති එක පොඩි කොටසක් විතරයි කියලා. මේ පෝස්ට් එකට ලැබෙන ප්‍රතිචාර මත මම බලාපොරොත්තු වෙනවා Tor Network එකට ආරක්ෂිතව සම්බන්ධ වෙන්න පුළුවන් විදිය ගැන කියලා දෙන්න.
මම කලින් කිව්වනේ, මේ Dark Web එකේ අඩවි ඔයාට සාමාන්‍ය බ්‍රවුසර් එකකින් Access කරන්න බෑ කියලා. මම ඔයාලට බලන්න දෙන්නම් Tor Network එකේ ලිංක් එකක්. නිකන් බ්‍රවුසර් එකේ ගහලා බලන්නකො. ලෝඩ් වෙනවද බලන්න. මේක ගැහුවා කියලා මුකුත් වෙන්නෑ බය වෙන්න එපා.
https://facebookcorewwwi.onion/
මේ තියෙන්නේ Tor Network එක හරහා Facebook Official සයිට් එකට ලොග් වෙන්න පුළුවන් ලිංක් එක. දැක්කනෙ ආතල් එක? ඔයාලා කල්පනා කරනවා ඇති, ඇයි ඉතින් මේ Facebook සමාගම එයාලගෙ සයිට් එක Dark Web එකේ ජාලයක් වුණ Tor Network එකෙන් ඇක්සස් කරන්න පුළුවන් විදියට ලිංක් එකක් දෙන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්ණ වලට පිළිතුරු අරන් මම වෙනම පෝස්ට් එකක් අරන් එන්නම් Tor ජාලය ගැන.
අවසාන වශයෙන් මතක තියාගන්න, "හා දැන් මම දන්නවා Deep Web, Dark Web ඔක්කොම, අද දෙන්නං පුතා බැටේ, මම තමයි දැන් පොර" කියලා නටාගෙන ගිහින් කෙළවාගන්න එපා. මොකද, Dark Web එක කියන්නේ Hacker ලගේ පාරාදීසයක්. අර ෆේස්බුක් පාස්වර්ඩ් එක හොරකම් කරලා යාළුවගෙ අකවුන්ට් එකට ලොග් වෙලා "මම ආස කොල්ලන්ට" කියලා පෝස්ට් දාන සිඟිති හැකර් ලා ගැන නෙවෙයි මම මේ කියන්නෙ. Apple iCloud එකට ෂොට් එක දුන්න, Sony PlayStation එක හැක් කරලා පාස්වර්ඩ් මිලියන ගණන් උස්සපු, ඉරාන න්‍යෂ්ටික බලාගාර වල කම්පියුටර් හැක් කරපු හැකර් ලා ගැන. ඉතින් හිතාගන්න ඔයාගෙ කම්පියුටර් එක මොන තරම් පොඩි ගේමක්ද කියලා. 😂
අන්න ඒ නිසා, ගොඩක් පරිස්සම් වෙන්න. මම ඉදිරියේදී කියලා දෙන්නම් පුළුවන් තරම් ඇඟ බේරන් Tor Network එක ඇක්සස් කරන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන.
හොඳයි එහෙනම්, ගිහින් එන්නම්... කට්ටියට Tor Network එක ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ප්‍රතිචාර අනුව තමයි ලියන්න හිතන් ඉන්නෙ. මොකද මේ ටිකේ ටිකක් විතර වැඩ අධිකයි. තාක්ෂණය නිවැරැදි විදියට භාවිතා කරන්න. ඔබට ජය!
මේ ලෝක විසිරි වියමනේ නොහොත් World Wide Web (WWW) එකේ ප්‍රධාන කොටස් තුන ගැන පැහැදිලි කරන්න මම පාවිච්චි කරන්නම් මුහුදක ආකෘතියක්. ඔන්න බලාගන්න.
දැන් අපි මේ කොටස් පැහැදිලි කරගමු.
Surface Web
සාමාන්‍ය බ්‍රවුසර් එකකින් ඔයාට බොහොම පහසුවෙන් පුළුවන් www.google.com වගේ ඇඩ්රස් එකක් ගහලා ඒ අදාළ වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් නේ Google, Yahoo, Bing වගේ සර්ච් එන්ජින් එකකින් ඔයාට ඕන අඩවියක් හොයාගන්න. එහෙම සර්ච් එන්ජින් එකකට අහු වෙන (Indexed) සහ අපිට සාමාන්‍ය විදියට, සාමාන්‍ය බ්‍රවුසර් එකක් (Chrome, Firefox, Edge ආදී) භාවිතයෙන්, එදිනෙදා ජීවිතේ දී අපි Access කරන අන්තර්ජාලයේ කොටසට අපි කියන්නේ Surface Web කියලා. මේ කියන්නෙ අර මුහුදේ රළ, උඩ පාවෙන නැව්, බෝට්ටු වගේ වෙරළක ඉඳන් දකින්න පුළුවන් දේවල්.Deep Web
Deep web කියලා හඳුන්වන මේ කොටසත් WWW නොහොත් World Wide Web එකේම කොටසක්. නමුත් මේකේ වෙනස, Google වගේ Search Engine එකකට මේකේ තියෙන වෙබ් පිටු අහු නොවීම. මේ Deep Web අඩවි වලට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන බ්‍රවුසර් එකක් ආධාරයෙන් පිවිසෙන්න පුළුවන්. හැබැයි ආයෙත් කියන්නම්, මේකෙ වෙනස මේ සයිට් ඉන්ඩෙක්ස් වෙන්නෙ නෑ. ඒ කිව්වෙ මේ අඩවියක තියෙන තොරතුරු Google එකෙන් සර්ච් කළාට අහු වෙන්නෙ නෑ.මේ කොටසට අදාළ වෙනවා රජයේ වෙබ් අඩවි, (ලංකාව government සයිට් ගැන නම් හිතන්න එපා පිස්සු හැදෙයි :v ) විවිධ විද්‍යාත්මක පර්යේෂණ දත්ත අඩංගු අඩවි, විවිධ රහසිගත වාර්තා ආදිය දක්වන්න පුළුවන්. හැබැයි නිවැරැදි Login details යොදාගෙන මේ අඩවි වල තොරතුරු සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් එකකින් බොහෝ විට ලබාගන්න පුළුවන්. දැන් අපේ අර සමුද්‍ර ආකෘතියට අනුව අපි දැන් ඉන්නෙ ටිකක් ගැඹුරේ. අපි යමු තව ගැඹුරට.
Dark Web
හොඳයි දැන් අපි යන්න හදන්නේ මුහුදේ ගොඩක්ම ගැඹුරට. මේ කොටසට ඉර එළියක් වැටෙන්නෑ. අඳුරුයි. (Dark) ඒ කියන්නෙ මේ කොටස නම් අපිට අපේ Chrome Browser එකෙන් වත්, Firefox Browser (Original Firefox browser) එකෙන් වත්, Internet Explorer එකෙන් වත්, Microsoft ලගෙ අලුත් මෙව්වා එක Edge වලින් වත් 😂 ඇක්සස් කරන්න බැහැ. ඇක්සස් කරන්න බැරි නම් ඒ නෙට්වර්ක් එක අහවල් කාරණාවකටද කියලා අහයි. මේක ඇක්සස් කරන්න විවිධ ක්‍රම තියෙනවා. ඒ කරම වලින් තමයි මේ ගැඹුරේ තියෙන ජාල වලට පිවිසෙන්න පුළුවන් කම ලැබෙන්නේ.Dark Web එක අස්සේ විවිධ ජාල ගොඩක් තියෙනවා. මේවගෙන් ප්‍රසිද්ධ වුණ ජාල කීපයක් මම පහතින් දාන්නම්. මේවායින් කරන්න පුළුවන් බොහෝ දේ නීති විරෝධී දේවල් තමයි. ඒත් අපි ඒ දේවල් බැහැර කරලා හරි දේවල් කරන්න තමයි මෙහෙම මේ කතාව ගැන ඉගෙනගන්නේ.
අපි බලමු මේ Dark Web ජාල මොනවද කියලා.
- Tor Network
- i2P Network
- Freenet
මම ඉහත කිව්ව ජාල තුනෙන්, වැඩි දෙනෙක් භාවිතා කරන සහ ප්‍රසිද්ධ ජාලය වෙන්නේ Tor ජාලය නොහොත් Tor Network එක. ගොඩක් අය Dark Web කියලා කියන්නෙත් මේ Tor ජාලයට. ඒත් ඔයාලා මතක තියාගන්න Tor Network එක කියන්නේ Dark Web එකටම අයිති එක පොඩි කොටසක් විතරයි කියලා. මේ පෝස්ට් එකට ලැබෙන ප්‍රතිචාර මත මම බලාපොරොත්තු වෙනවා Tor Network එකට ආරක්ෂිතව සම්බන්ධ වෙන්න පුළුවන් විදිය ගැන කියලා දෙන්න.
මම කලින් කිව්වනේ, මේ Dark Web එකේ අඩවි ඔයාට සාමාන්‍ය බ්‍රවුසර් එකකින් Access කරන්න බෑ කියලා. මම ඔයාලට බලන්න දෙන්නම් Tor Network එකේ ලිංක් එකක්. නිකන් බ්‍රවුසර් එකේ ගහලා බලන්නකො. ලෝඩ් වෙනවද බලන්න. මේක ගැහුවා කියලා මුකුත් වෙන්නෑ බය වෙන්න එපා.
https://facebookcorewwwi.onion/
මේ තියෙන්නේ Tor Network එක හරහා Facebook Official සයිට් එකට ලොග් වෙන්න පුළුවන් ලිංක් එක. දැක්කනෙ ආතල් එක? ඔයාලා කල්පනා කරනවා ඇති, ඇයි ඉතින් මේ Facebook සමාගම එයාලගෙ සයිට් එක Dark Web එකේ ජාලයක් වුණ Tor Network එකෙන් ඇක්සස් කරන්න පුළුවන් විදියට ලිංක් එකක් දෙන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්ණ වලට පිළිතුරු අරන් මම වෙනම පෝස්ට් එකක් අරන් එන්නම් Tor ජාලය ගැන.
අවසාන වශයෙන් මතක තියාගන්න, "හා දැන් මම දන්නවා Deep Web, Dark Web ඔක්කොම, අද දෙන්නං පුතා බැටේ, මම තමයි දැන් පොර" කියලා නටාගෙන ගිහින් කෙළවාගන්න එපා. මොකද, Dark Web එක කියන්නේ Hacker ලගේ පාරාදීසයක්. අර ෆේස්බුක් පාස්වර්ඩ් එක හොරකම් කරලා යාළුවගෙ අකවුන්ට් එකට ලොග් වෙලා "මම ආස කොල්ලන්ට" කියලා පෝස්ට් දාන සිඟිති හැකර් ලා ගැන නෙවෙයි මම මේ කියන්නෙ. Apple iCloud එකට ෂොට් එක දුන්න, Sony PlayStation එක හැක් කරලා පාස්වර්ඩ් මිලියන ගණන් උස්සපු, ඉරාන න්‍යෂ්ටික බලාගාර වල කම්පියුටර් හැක් කරපු හැකර් ලා ගැන. ඉතින් හිතාගන්න ඔයාගෙ කම්පියුටර් එක මොන තරම් පොඩි ගේමක්ද කියලා. 😂
අන්න ඒ නිසා, ගොඩක් පරිස්සම් වෙන්න. මම ඉදිරියේදී කියලා දෙන්නම් පුළුවන් තරම් ඇඟ බේරන් Tor Network එක ඇක්සස් කරන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන.
අනික් එක, ගොඩක් කට්ටිය Darknet සහ Dark Web පටලවන් ඉන්නෙ. Darknet කියන එක වෙනම කතාවක් සහ මේකට අදාළ කරගන්න ඕන එකකුත් නෙවෙයි. Darknet කියන්නෙ මොකක්ද කියලා දැනගන්න ඕන අයට මම Wikipedia ලිංකුවක් දෙන්නම්, ගිහින් බලන්න. https://en.wikipedia.org/wiki/Darknet මොකද මම ආස නෑ අදාළ නැති එකක් මේක අස්සේ ගහලා මේක අච්චාරුවක් කරන්න. මතක තියාගන්න ඕන Darknet කියන්නෙ මේ මාතෘකාවට අදාළ දෙයක් නෙවෙයි කියන එක. අපි කතා කරන්නේ Dark Web කියන එක ගැන.
***
හොඳයි එහෙනම්, ගිහින් එන්නම්... කට්ටියට Tor Network එක ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ප්‍රතිචාර අනුව තමයි ලියන්න හිතන් ඉන්නෙ. මොකද මේ ටිකේ ටිකක් විතර වැඩ අධිකයි. තාක්ෂණය නිවැරැදි විදියට භාවිතා කරන්න. ඔබට ජය!
1 Comments
ela bro...❤
ReplyDelete