සුපිරිම Hacker චිත්‍රපට 10ක්...! (සිංහල උපසිරැසි සමඟ)


කොහොමද ඉතින් කට්ටියට, හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. එක දිගටම අරන් ආව Tech post නිසා කට්ටියට tech එපා වෙලා වගේද? ටිකක් එහෙනම් relax වෙන්න අපි ෆිල්ම් ටිකක් බලමු.

මේ ෆිල්ම් වල විශේෂත්වය ඉතින් මේවත් තාක්ෂණය හා සම්බන්ධ ඒවා වීම. විශේෂයෙන් hackers ලා ගැන එක්ක ගෙතුණු කතා වීම. අපේ අය ඉතින් ඔය hacker කියන වචනෙටත් ආසයි නෙ. ඒ නිසා තමයි මම මේ ෆිල්ම් 10 ඔයාලා එක්ක බෙදාගන්න හිතුවේ.

මේවට සිංහල උපසිරැසි බාගන්න ලිංක් පහළින් දාන්නම්, බයිස්කෝප් අඩවියෙන් ඒවා ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම මේ පෝස්ට් එකේ අන්තිමට මම එක ලිංක් එකක් දාන්නම් ඒකට ගිහින් ඔයාට වෙන වෙනම මේ චිත්‍රපට ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මට ෆිල්ම් ටික නම් බෙදාගන්න වෙන්නේ openload හරහා මොකද මට පහසු ඒක තමයි. ඒකේ තියෙන වෙළෙඳ දැන්වීම් ගැන කණගාටුයි මොකද ඒක නොමිලේ දෙන ෆයිල් ෂෙයාරින් සර්විස් එකක් නිසා Ads වැඩී.

මම මේ චිත්‍රපට ටික තෝරද්දි විශේෂයෙන් සලකා බැලුව කාරණා තමයි 2000 අවුරුද්දෙන් පස්සෙ රිලීස් වුණ ඒවා වීම, සිංහල උපසිරැසි නිකුත් කර තිබීම සහ ඉතින් අපේ ටාගට් එක වුණ Hacker කෙනෙක් ගැන කතාවක් තිබීම.

හරි, එහෙනම් කතා ඇති. අපි යමු මේ ෆිල්ම් බලන්න.

1) Swordfish (2001) - IMDB - 6.5


පරණ වුණත් පට්ටම ෆිල්ම් එකක් තමයි මේ. මේ කතාවේ ඉන්නවා දක්ෂ හැකර් කෙනෙක්. මමත් ආසාවෙන් බැලුව ෆිල්ම් එකක්. කොච්චර ආසාවෙන්ද කිව්වොත් මම ඒ කාලෙ මගේ usernames වලටත් ගත්තේ ඔය ෆිල්ම් එකේ නම. (පස්සෙ නම් ඒක වෙනස් වුණා 😂) ඔන්න පහළින් දාන්නම් උපසිරැසි ලිංක් එක.

2) Live free or die hard (2007) - IMDB - 7.2


Die Hard චිත්‍රපට මාලාව ගැන මං හිතන්නෙ හැමෝම දන්නවා. සුපිරිම ක්‍රියාදාම සහිත චිත්‍රපට මාලාවක්. හැබැයි මේකෙ වෙනස මේකට හැකර්කෙනෙක් ගෑවෙන එක. මුල ඉඳන්ම එපා නොවී බලන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක්. උපසිරැසි ලිංක් එකෙන් ගිහින් තවත් විස්තර බලාගන්න පුළුවන්.

3) Untraceable (2008) - IMDB - 6.2


ඔන්න මේකත් සයිබර් සෙකියුරිටි, හැකින් සම්බන්ධ චිත්‍රපටයක්. එක්තරා වෙබ් අඩවියක වෙන දරුණු ගණයේ අපරාධ වගයක් අල්ලගන්න කරන සයිබර් අපරාධ අංශයේ පරීක්ෂක වරියක් ගැන මේ කතාවේ කියවෙනවා. විස්තර සහ උපසිරැසි පහළ ලිංකුවෙන්.

4) Eagle Eye (2008) - IMDB - 6.6


මේක නම් හැකර් කතාවකට වඩා ටිකක් වෙනස්, හැකර් කැටගරියටම දාන්න පුළුවන්, පට්ට ෆිල්ම් එකක්. මේක මේ ලයිස්තුව ඇතුළට දාන්න එක හේතුවක් වුණේ ලිස්ට් එකට 10 සම්පූර්ණ කරගන්න තිබුණ උවමනාව. 😂 අනික මේක ගොඩක් අය Hacker චිත්‍රපටයක් විදියට වර්ග කරලා තියෙනවා. මේකෙ ඉන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් වල මුලදි හිටිය සෑම් විට්විකී ගෙ චරිතය රඟපෑව Shia LaBeouf. වැඩි විස්තර සුපුරුදු ලෙසම බයිස්කෝප් අඩවියෙන් බලාගන්න, මෙන්න පහළ ලිංක් එක.

5) The Girl with the Dragon Tattoo (2011) - IMDB - 7.8


මෙන්න තවත් උසස් සිනමා නිර්මාණයක්. මේක අපේ ලිස්ට් එකට එන්න හේතුව මේකටත් හැකර් කෙනෙක් ගෑවෙන නිසා. ඒ වගේම මේක 18+ ලේබල් එක එක්ක ආව ෆිල්ම් එකක් ඉතින් අවවාදයක් දෙන්න ඕනි, පොඩි උන් නම් බලන්න එපා. 😂 කියන එකම අහයි ඉතින් අපේ අය නේද. හරි ඒ කෙසේ වුණත් මම පහළින් ලිංකුව දාන්නම්, එතන වැඩි දුර විස්තර වගේම සිංහල උපසිරැසියත් බාගන්න පුළුවන්.

6) Algorithm (2014) - IMDB - 4.8


මේක දක්ෂ වෘත්තීමය හැකර් කෙනෙක් ගැන කතාවක්. මෙයා අහම්බෙන් හොයාගන්න රජයේ රහසිගත වැඩසටහනක් හැක් කරලා වෙන වැඩක් තමයි තියෙන්නේ, වැඩි විස්තර සිංහල උපසිරැසිය තියෙන බයිස්කෝප් අඩවියේ තියෙනවා, පහළ ලිංක් එකෙන් ගිහින් බලන්නකො.


7) Who Am I (2014) - IMDB - 7.6


ඔන්න තවත් සුපිරිම ගණයේ හැකර්ලා වටා ගෙතුණු කතාවක්. එක්තරා හැකර් කෙනෙක් ඇමරිකානු කොටස් වෙළෙඳපොලේ පරිඝණක හැක් කරලා ඒ කොටස් වල මිළ ඉහළ යවනවා, ඒ විතරක් නම් මදෑ, චීනයේ බලාගාරයකුත් පුපුරවනවා. අන්න ඒ වගේ හැකර් කෙනෙක්ව අල්ලගන්න උපදෙස් ගන්න තව හැකර් කෙනෙක් ගෙන්නගන්නවා, ඊට පස්සෙ වෙන දේවල් ඔයාලා බලන්නකො, පහළින් උපසිරැසි ගන්න.

8) Hacker's Game (2015) - IMDB - 3.8


නම දැක්කම ඉතින් ආයෙ කියන්න දෙයක් නෑ, හැකින් ගැනම තමයි මේ කතාව. තාක්ෂණික දේවල් වලට ප්‍රිය කරන ඕන කෙනෙක් මේ ෆිල්ම් එක බලන්න ආස වෙයි. ඔන්න වැඩි කතා නෑ, පහළින් දෙන්නම් උපසිරැසිය, ඒකෙ තවත් විස්තර ඇති.

9) Blackhat (2015) - IMDB - 5.4



ඔන්න තවත් සුපිරිම ගණයේ හැකර්ලා වටා ගෙතුණු කතාවක්. එක්තරා හැකර් කෙනෙක් ඇමරිකානු කොටස් වෙළෙඳපොලේ පරිඝණක හැක් කරලා ඒ කොටස් වල මිළ ඉහළ යවනවා, ඒ විතරක් නම් මදෑ, චීනයේ බලාගාරයකුත් පුපුරවනවා. අන්න ඒ වගේ හැකර් කෙනෙක්ව අල්ලගන්න උපදෙස් ගන්න තව හැකර් කෙනෙක් ගෙන්නගන්නවා, ඊට පස්සෙ වෙන දේවල් ඔයාලා බලන්නකො, පහළින් උපසිරැසි ගන්න.

10) Anonymous AKA Hacker (2016) - IMDB - 6.2


මේකෙත් නම දැක්ක ගමන් ඉතින් දැනගන්න පුළුවන් නේ, හැකර් කතාවක් තමයි. මේකත් ගොඩක්ම හොඳ ෆිල්ම් එකක් අනික මේක 2016 අවුරුද්දෙ ආව අලුත් ෆිල්ම් එකක්. ඒ වගේම මේ චිත්‍රපටයේ උපසිරැසි තියෙන බයිස්කෝප් අඩවියේ බොහොම වටිනා ලිපියක් තියෙනවා ඒක කියවන්න කියලා ආරාධනා කරනවා. පහළින් මම ලිංකුව දාන්නම්.


***

එහෙනම් ඔන්න ෆිල්ම් දහය, මෙතනින් හොඳම ෆිල්ම් මොනාද කියලා ඔයාලා මට කියන්න 😉 ඔයාලත් දන්න මේ වගේ හැකින් හා සම්බන්ධ ෆිල්ම්ස් ඇති, ඒවා අපිටත් කියන්න පහළින් කමෙන්ට් එකක් දාන්න. මේ චිත්‍රපට ටික මේ පහළ ලිංක් එකට ගිහින් ගන්න.

චිතපටයේ නම ඉදිරියෙන් තියෙන ලිංක් එක කොපි කරලා අරගෙන Address Bar එකේ paste කරලා බාගන්න. මම කැමති නෑ Openload ලිංක්ස් සයිට් එකේ දාන්න, ඒකයි එහෙම කළේ. අනික හැකර් ෆිල්ම් බැලුවට වැඩක් නෑනෙ ලිංක් එකක් කොපි පේස්ට් කරගන්න වත් බැරි නම් :P


එහෙනම් ගිහින් එන්නම්, ඉදිරියේදී MCU චිත්‍රපට ටික පිළිවෙලට ගේන්න අදහසක් තියෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය ගැන කියැවෙන සිනමාපට ටිකකුත් අරන් එන්න අදහස් කරගෙන ඉන්නවා. ඒවා අපි ඉදිරියේදී බලමුකො. දැනට සමුගනිමු, ඔබට ජය!

Post a Comment

1 Comments