ලංගම බස් වල ආසන Online Book කරමු


 මේක නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ දුර ගමන් සේවා බස් වල යන අයට. ගොඩක් දුර ගමන් යන අයට ඔන්න දැන් පුළුවන් ගෙදර ඉඳන්ම බොහොම පහසුවෙන් තමන්ට ඕන සීට් එකම ඔන්ලයින් බුක් කරගන්න මෙන්න මේ අඩවියට ගියාම.


බොහොම හොඳ ඉන්ටෆේස් එකක් තියෙන සයිට් එකක්. ලංකාවේ අනෙක් රාජ්‍ය ආයතන වල වෙබ් අඩවි වගේ පුරාතන පෙනුමක් එහෙම නැහැ. තමන්ට ඕන කරන සීට් එකම ලස්සනට බුක් කරගන්න පුළුවන් මෙන්න මේ පහත තියෙන විදියට.


ඒ වගේම ඔබේ ගාස්තුව ගෙවන්න පුළුවන් Visa හෝ Master කාඩ් වලින්, එහෙමත් නැත්නම් Dialog, Etisalat හෝ Hutch දුරකථනයකින් EzCash මඟින් ඒ වගේම PayPal වලිනුත් පුළුවන්. (නෑ වැරදිලා නෙවෙයි, PayPal කියලා option එකකුත් තියෙනවා :P ) ඒ වගේම මේ සේවාව සඳහා බුක් කිරීමේ ගාස්තුව වශයෙන් බස් ගාස්තුවට අමතරව 50/- ක මුදලක් අයකරනවා

ඔන්න බලාගන්නකො පහළින් Payments කරන පේජ් එකේ ScreenShot එකකුත් දාන්නම්.
 අන්න ඕකයි එහෙනම් කතාව. මං හිතන්නෙ මේක ගොඩක් අයට වැදගත් වේවි. මොකද මම නම් හොඳාකාරව දන්නවා සීට් එකක් නැතුව පැය ගාණක් බස් වල යන එකේ කට්ට. තවත් පෝස්ට් එකකින් හමුවෙමු. ජය!

***

Post a Comment

0 Comments