ලංකාවේ Mobile Internet ලාබෙටම දෙන ISP කවුද?

අපි අද බලමු ලංකාවේ ලාබෙටම මොබයිල් ඉන්ටනෙට්, ඒ කිව්වෙ අර Data කාඩ් දාලා ඉන්ටනෙට් යන්න දෙන ඩේටා වලින් ලාභම ISP කවුද කියලා.
මෙතනදි මම සලකා බලන්නේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ විතරයි. ටයිම් බේස්ඩ් වගේ පැකේජ ගැන සලකා බැලීමක් වෙන්නෙ නැහැ. (ඒවා ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.) අනික් කාරණාව මෙතනදි හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන කතා වෙන්නෙත් නැහැ.

හොඳයි එහෙනම්, අපි මේ සමීක්ෂනය පටන්ගමු. මම මෙතනදි යොදාගන්නෙ රුපියල් 100 කට කොච්චර ඩේටා ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියන කාරණාව. මගෙ අතේ තියෙන්නෙ රුපියල් 100යි, අපි බලමු කඩේ ගන්න තියෙන ලාභම Data කාඩ් එක මොකක්ද කියලා.

ISP (Operator)
Price Data Amount
(MB)
Night Time Duration Price Per MB (Rs.)
[Day + Night]
Day Night Total
Dialog 99/- 500 200 700 12:00am - 08.00am 0.141
Mobitel 99/- 440 440 880 12.00am - 09.00am 0.113
Etisalat 99/- 720 410 1130 12.00am - 08.00am 0.088
Airtel 95/- 495 385 880 01.00am - 07.00am 0.108
Hutch 99/- 660 550 1210 12.00am - 09.00am 0.082
(මේ සියළු දත්ත ලබාගත්තේ අදාළ ISP ගේ official web sites වලින්. 2018/07/16)

ඉහත වගුවේ අන්තිම කොලම් එක අනුව දැන් අපි බලමු MB එකක් ලාබෙටම ගන්න පුළුවන් කෙනාගෙ ඉඳන් මිළ වැඩිම කෙනා දක්වා පෙළගස්වලා.
  1. Hutch
  2. Etisalat
  3. Airtel
  4. Mobitel
  5. Dialog
දිවා රාත්‍රී භේදයක් නැතිව, අපි ගෙවන මුදලට අපිට වැඩිම ඩේටා ප්‍රමාණයක් ලැබෙන්නේ Hutch සමාගමෙන් බවත් අඩුම ඩේටා ප්‍රමාණයක් ලබාදෙන්නේ Dialog සමාගමත් බවයි ඉහත ගණනය කිරීමෙන් පේන්නේ.

හැබැයි, මේ එක එක ISP කොහොම වේගයකින් දත්ත ලබාදෙනවද, ආවරණය කොහොමද කියන කරුණු අපි සලකා බැලුවේ නෑ. දුරකථන සේවා සපයන්නෙත් තෝරා ගැනීමේ දී අන්න ඒ වගේ කරුණුත් බලන්න වෙනවා.

එහෙනම් අපේ සමීක්ෂණය මෙතනින් ඉවරයි. මං හිතන්නෙ මෙහෙම සන්සන්දනයක් ඔයාට, මට හැමෝටම වැදගත් වේවි. ඒ වගේම, දැන් ලංකාවේ ISP ලා ලබා දෙන Time Based පැකේජ ගැනත් පොඩි සමීක්ෂණයක් කරමු අපි තවත් දවසක. ගිහින් එන්නම්. ජය වේවා!

***

Post a Comment

0 Comments